ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා සහ තලේබාන් සංවිධානය අතර සටන් විරාමයක් ක්රියාත්මක වද්දී නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් නුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කෙසේ නමුත් ඇෆ්ගනිස්ථානයේ අනෙකුත් ප්රදේශ සියල්ලේම පාහේ ඇෆ්ගන් හමුදා සහ තලේබාන්වරුන් එක්ව රාමසාන් සැමරූ බවයි වාර්තාවන්නේ.
එමෙන්ම ඊයේ සිදුවූ මරාගෙන මැරෙන ප්රහාරය තමන් විසින් එල්ල නොකළ බව තලේබාන් සංවිධානය අවධාරණය කළා.
කෙසේ නමුත් සටන් විරාමයට එක් නොවූ අයි.එස්. අනුගාමිකයන් සහ හක්කානි ජාලයේ සන්නද්ධ පිරිස් තවදුරටත් ක්රියාත්මකයි.
රාමසාන් සමයට පෙර ඇෆ්ගන් රජය ඒකපාර්ශවික සටන් විරාමයක් ප්රකාශයට පත් කළ අතර තලේබාන් සංවිධානයද දින 3 ක සටන් විරාමයකට එකඟ වුණා. දැන් එම එකඟතාව දීර්ඝ කර තිබෙනවා.