Gossips

රාමඤ්ඤ නිකාය ජනපති හමුවේ

සංඝාධිකරණය පිහිටුවීමට බලය ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නියෝජනය කරන මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත අද පස්වරුවේ සංදේශයක් භාර දුන්නා.
ඒ, ජනාධිපති නිල නිවසට පාගමනින් වැඩම කරමින්. කොළඹ – බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානය ඉදිරිපිටින් පස්වරු තුනට පමණ මෙම අධිෂ්ඨාන පාගමන ආරම්භ කෙරුණා.
රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ ජනාධිපතිවරයා හමුවී මීට අදාළව මාස දෙකක කාලයක් ඇතුළත විසඳුමක් ලබාදෙන ලෙස අදාළ සන්දේශය මගින් ඉල්ලා සිටි බවයි.