Gossips

රාත්‍රී සමාජශාල අසල විශේෂ මෙහෙයුමක්

කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල අද සිට අඛණ්ඩ රථ වාහන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
රාත්‍රි සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල ඩිෆෙන්ඩර් සංස්කෘතියත් සමඟ මතුව ඇති බීමතින් රිය පැදවීමේ කලාවට තිත තැබීමක් ලෙස පොලිසිය මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද සිදුකරන මෙහෙයුම් වැඩි කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබෙනවා.
පසුගිය වසරේදී බීමත් රියදුරන් එක්ලක්ෂ 5094ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල බස්නාහිර පළාතේ සිදුකළ මෙහෙයුම්වලින් පමණක් බීමත් රියදුරන් 527ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට නීතිඥයින්, වෛද්‍යවරුන් සහ ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් ද අයත් බවටයි වාර්තා වන්නේ.