International

රාජිත සිරිසේනගේ කොක්කේ එල්ලී සිරිකොත අවුල් කරන්නට සැරසේ

ඊයේ අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ශයේ ජේශ්ඨයින්ගේ රැස්වීමක් පවැත්විය.මේ සදහා මලික් රාජිත චම්පික රවී අකිල හා සාගල සහභාගී විය.මෙහිදී අනුර කුමාර දිසානායක විසින් රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්කිරීමට සහය නොදෙන බවට කල ප්‍රකාශය සම්බන්දයෙන් උණුසුම් බහින් බස් වීමක් ඇතිවිය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මලික් සමරවික්ක්‍රමට පවසා සිටියේ “ඔයා මහ ලොකුවට කිවුවා නේද ජේවීපී එක බැලන්ස් කියලා ඉතින් ඇයි අනුර මෙහෙම දෙයක් කිවුවේ.මේක ලොකු ප්‍රශ්නයක් ” මෙහිදී මලික් සමරවික්‍රමට කේන්ති ගොස් ප්‍රකාශ කලේ ” මේ රාජිත ටීඑන්ඒ එකයි ජේවීපී එකයි මම බලාගන්නම්” කියාය.

රනිල් වික්‍රමසිංහ මෙහිදී මලික්ගේ සහයට පවසා සිටියේ “රාජිත ඔයා මලික්ට මේ වැඩේ කරන්න දෙන්න.ඔයා මේකට මැදිහත් වෙන්න එපා මලික් ඒ සේරම ගානට කරලා ජේවීපී එකයි ටීඑන්ඒ එකයි අපේ පැත්තට එකග කරගෙන තියෙන්නෙ නිකන් මලික්ට කෑගහන්න එපා යනුවෙනි.

චම්පික රණවක මන්ත්‍රීවරයාද රාජිතට තදින් පවසා ඇත්තේ මලික් කරගෙන යන වැඩ වලට අත නොගසන ලෙසයි.අනවශ්‍ය ලෙස අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමෙන් ප්‍රශ්න පිට යන නිසා කට පියාගෙන සිටීම වඩාත් සුදුසු බව මෙහිදී රනිල් හා චම්පික රාජිතට අවධාරණය කර ඇත.

මේ අතර අප අභ්‍යන්තර වාර්තාකරු පවසන ආකාරයට රාජිතගේ ක්‍රියාවන් පිලිබඳ එක්සත්ජාතික පක්ෂ ප්‍රභලයන් මදක් තැතිගැන්මෙන් සිටින බවයි. මන්ද යත්, ගමරාලයා සමග රාජිත පවත්වන සමීප සම්බන්ධතාවයත්, එක්සත් ජාතික පක්ෂයේ තීරණ තීන්දු ගැනීමේදී රාජිත ඒ කටයුතු සමග සම්බන්ධ වීමත් නිසා ඔහු පිලිබඳ සැකයක් ඇතිවී තිබේ. මේ අතර අප අභ්‍යන්තර  තොරතුරු වාර්තාකරිණියක් පවසා සිටියේ, මැදමුලන මරාට ගේමක් ගසා පැන්න රාජිතයා සහ ගමරාලයා මෙවර රනිල්ට දිරවා ගත නොහැකි ලණුවක් අඹරවා ඇති බවත් ඒ ලණුව රනිල් පමණක් නොව මුළු එජාපයම මේ වනවිට ගිල ඇති බවත්ය. කෙසේ නමුත් තවමත් කල් ඇත. දුරින් සිටිනා සතුරාට වඩා ලඟින් සිටිනා මිතුරාගෙන් ප්‍රවේශම් විය යුතු බව, අප දේශපාලන ඉතිහාසයේ ඕනෑතරම් පාඩම් ඇත.