Gossips

රාජිතගේ ප්‍රකාශයට, මධ්‍යම පළාත් සභාවෙන් ආ විරෝධය

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය දා, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින්, මධ්‍යම පළාත් සභාවේ බලයේ සිටින නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළද ඊයේ (22) සභාවට පැමිණ සිටියා.
අනතුරුව ඔවුන් සභා ගර්භයේ සිය ආසනවල සිට පහන් දල්වමින් රණවිරුවන් සැමරූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
රණවිරු සැමරුම සිදු නොකිරිම සම්බන්ධයෙන් රජයට චෝදනා කරමින් ඔවුන් මෙම පහන් දැල්වීම සිදුකර තිබෙනවා.