Gossips

රාජිතගෙන් නිදහස් පක්ෂයට ආරාධනයක්

බහුතර බලය තහවුරු කර පෙන්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කරනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මෙම ඉල්ලීම සිදුකළේ අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර පුළුල් පෙරමුණක් හරහා යළි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදියි.