Gossips

රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය ගැන රජය ගත් විශේෂ තීරණය

තඹුත්තේගම නොසන්සුන්තාවයට මුල් වූ රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් දිසාපතිවරයා පවසනවා.
අක්කර අඩි 86,000 ක පමණ වපසරියකින් යුක්ත අනුරාධපුර රාජාංගනය වැවෙන් අස්වද්දන කුඹුරු ප්‍රමාණය අක්කර 17,000 ක් පමණ වනවා.
රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානය, මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ එම වැවේ ජලය, පානීය ජල ව්‍යාපෘතියක් සඳහා බහුජාතික සමාගමකට ලබා දීමට විරෝධය පල කිරීම සඳහායි.
පසුව උද්ඝෝෂකයින් තඹුත්තේගම පොලිස් හන්දියට පාගමනින් පැමිණ විරෝධතාවයේ නිරත වුණා.
මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිටියා.
පසුව එම ස්ථානයට පැමිණි තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්වරිය උද්ඝෝෂකයින්ට ප්‍රකාශ කලේ දිස්ත්‍රික් ලේකම්වරයා සමග මෙම ගැටලුව පිලිබද සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසයි.
අනතුරුව නියෝජිතයින් කිහිපදෙනෙකු දිස්ත්‍රික් ලේකම්වරයා මුණ ගැසීමට පිටත්ව ගිය අතර අනෙක් පිරිස මාර්ගයේ හිදිමින් විරෝධතාවයේ නිරත වුණා.
මාර්ගයේ රථවාහන ධාවනය සදහා අවස්ථාව ලබා දීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය හා උද්ඝෝෂකයින් අතර ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.
අනතුරුව උද්ඝෝකයින් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර එල්ල කළා.
එහිදී උද්ඝෝෂකයින් තඹුත්තේගම පොලිස් ස්ථානය හා පොලිස් නිලධාරීන්ට ගල්මුල් වලින් පහරදුන් අතර පොලීසිය ඊට ප්‍රතිචාර දැක්වුයේ කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරමින්.