වර්ෂාවත් සමඟ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 2 ක් අද දහවල් විවෘත කර තිබෙනවා.
අඟල් 6 බැගින් වාන් දොරටු විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 300 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ හේතුවෙන් ඔය දෙපස ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කළා.