Gossips

රාජ් කපූර්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

බොලිවුඞ් සිනමාවේ සලකුණක් තැබූ අභාවප්‍රාප්ත සිනමා නළු රාජ් කපූර්ගේ බිරිඳ ක්‍රිෂ්ණා රාජ් කපූර් වයස අවුරුදු 87 ක්ව සිටියදී අද මුම්බායි හි දී අභාවප්‍රාප්ත වුණා.
රාජ් කපූර් 1946 වසරේදී ක්‍රිෂ්ණා සමඟ විවාහ වූ අතර, ඔවුන්ට රන්ධීර් කපූර්, රිෂී කපූර්, රජීව් කපූර් මෙන්ම රීමා ජායින් සහ රිතූ නන්දා යන දරුවන් සිටිනවා.
එමෙන්ම, බොලිවුඩ් සිනමා නළු නිළියන් වන රන්බීර් කපූර්, කරීනා කපූර් සහ කරීෂ්මා කපූර් අද අභාවප්‍රාප්ත වූ ක්‍රිෂ්ණාරාජ් කපූර්ගේ මුණුපුරු, මිනිපිරියන්.