රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ කොමිසමේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පිළිගන්වා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ කොමිසමේ සභාපති එස්. රනුක්ගේ විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි.
වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ සහ විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කළා.
