සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීමට වැටුප් කොමිසමක් පත් කිරීම සඳහා වන යෝජනාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් අද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
දුම්රිය සේවය ඇතුළු රාජ්‍ය ආයතනවල තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබදව මෙහිදී සොයා බැලෙන අතර, ඒ පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කිරීම ද එමගින් සිදුකෙරෙනු ඇති.
එමෙන්ම වැටුප් වැඩි කිරීම සඳහා මෙම කොමිසම මගින් නිර්දේශ ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
පසුගිය දා දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයත් සමඟ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබදව සාකච්ඡාවට බඳුන් වුණා.
වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති පසුගිය දා දියත් කළ වර්ජන ක්‍රියාමාර්ගය නතර කරනු ලැබුවේ ද අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා විසදුමක් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුවක් මතයි.