නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද (21) පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා.
ඒ යටතේ අද දිනයේ මන්ත්‍රීවරුන් කොටසක් දිවුරුම් දීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ එකතුව 40 නොඉක්ම විය යුතුයි.
ඒ අනුව අද (21) දිනයේ හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන, විජයකලා මහේෂ්වරන්, නිරෝෂන් පෙරේරා, සුජීව සේනසිංහ, නලින් බණ්ඩාර, කරුණාරත්න පරණවිතාන, අලි සහීර් මවුලානා, අනෝමා ගමගේ, වඩිවෙල් සුරේෂ්, අමීර් අලි, අශෝක් අබේසිංහ, වසන්ත අලූවිහාරේ, රංජිත් අලූවිහාරේ, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසිම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම සිදුවන අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
නව රජයේ අමාත්‍යවරුන් 29 දෙනෙකු ඊයේ (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.
