Gossips

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද

ජාතික ආණ්ඩුවේ නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද සිදුකිරීමට නියමිතයි.
පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේදී එය සිදුවන අතර, ඊට පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට දැනුම්දී තිබෙනවා.
නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන් අතර, එම අමාත්‍යාංශ සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අලූතින් පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් අලූතින් කිහිප දෙනෙකු ද පත් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කළා.
දැනට ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 24 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකු සිටිනවා.