මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ල – හික්කඩුව – තෙල්වත්ත – තොටගමුව පුරාණ රත්පත් රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
එසේම ලබන මැයි 15 වනදා සිට 21 වනදා දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට හා ඊට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ විෂය භාර ගාමිණී ජයවික්‍රම පෙරේරා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්.
