සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරිම තුලින් සිදු වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල අහෝසි වීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
රාජ්‍ය මුදල් වියදම් කරමින් වත්මන් ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩනැගීමේ කාර්යයේ තවදුරටත් නියැලී සිටින බව ද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියා.
