රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලූ සාමාජිකයින් 5 දෙනෙකු අද කතානායක කාර්යාලයේදී කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
එහිදී එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපති ගාමිණි විජේසිංහ දිවුරුම් දුන් අතර, සෙසු සාමාජිකයින් වන්නේ ඩබ්ලිව්.එස්. පෙරේරා, අයි.ජී.අබේරත්න, වේලූපිල්ලේ කන්දසාමි සහ විශ්‍රාමික විනිසුරු සුනිල් රාජපක්ෂයි.
