වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ අද වනවිට රාජ්‍ය යාන්ත්‍රණය ඇණ හිට ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම අර්බුදය හමුවේ රාජ්‍ය නිලධාරින්ට තම කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වීම මත රාජ්‍ය යාන්ත්‍රණය මෙලෙස ඇණ හිට ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
