රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී. නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස් කිරීම සිදුකර ඇති අතර, එය පෙබරවාරි මස 28 වන දා සිට ක්‍රියාත්මකයි.
එමෙන්ම, කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා පොලිස් මූලස්ථානයට මාරු කර යවා තිබෙනවා.
