Gossips

රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රය බිඳ මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

තලාතුඔය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය බිඳ මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඔහු මෙහිදී අදාළ ඒ.ටී.එම්. යන්ත්‍රයට දැඩි ලෙස හානි සිදුකර ඇති බවයි.
ඒ බව අදාළ රාජ්‍ය බැංකුවේ ආරක්ෂක කැමරාවේද සටහන් වී තිබෙනවා.
මෙම පුද්ගලයා එම රාජ්‍ය බැංකුව පිහිටි ගොඩනැගිල්ලේම ජංගම දුරකථන අලූත්වැඩියා කිරීමේ ආයතනයක සේවකයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.