Gossips

රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින් ගණන් ගන්නේ නැහැ – රවී

දේශපාලනඥයින් විසින් ගනු ලබන තීරණ ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් නොසලකා හරින මට්ටමකට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කළා.
අනුරාධපුර – නොච්චියාගම ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ව්‍යවසායකයින්ට උපදෙස් ලබාදීම සඳහා මුදල් අය කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.