Gossips

රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම ඇරඹේ

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.
වාරි මාර්ග සහ ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර දිවුරුම් දී තිබෙනවා.
මොහාන් ලාල් ග්‍රේරු උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දී ඇත්තේ.
ධීවර සහ ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලිප් වෙදආරච්චි දිවුරුම් දුන් අතර එම්.එච්.එම් හිස්බුලා දිවුරුම් දුන්නේ මහ මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස චම්පික ප්‍රේමදාස දිවුරුම් දෙනු ලැබුවා.
අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න රාජ්‍ය පරිපලන සහ කළමනාකරණ සහ නිතිය හා සාමය පිලිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
ශ්‍රියානි විජේවික්‍රම ක්‍රීඩා, පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී තිබෙනවා.
මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම්දී ඇත්තේ වීරකුමාර දිසානායකයි.
ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අමීර් අල් ෂහබ්දින් දිවුරුම් දෙනු ලබුවා.
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ දුනේෂ් ගන්කන්දයි.
රන්ජන් රාමනායක සමාජ සවි බළ ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
විද්‍යා තාක්ෂණ පර්යේෂණ කුසලතා සංවර්ධන වෘත්තිය නිපුනතා සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දී ඇත්තේ කරුණාරත්න පරණවිතාරණයි.
පාලිත තෙවරප්පෙරුම තිරසාර සංවර්ධය වනජීවී සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.
සාරතී දුෂ්මන්ත අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර මනුෂ නානායක්කාර දිවුරුම් දුන්නේ විදුලි සන්දේශ සහ ඩිජිටල් පහසුකම් පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත්තේ මුත්තු සිවලිංගම්.
ජාතික භාෂා සහ ජාතිය ගොඩනැගීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සහිඩ් අලි ෂාහිර් මවුලානා දිවුරුම් දෙනු ලැබුවා.
එච්.එම්.එම් හාරිස් දිවුරුම් දෙනු ලැබුවේ රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.