Gossips

රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මන්නාරමේදී (ඡායාරූප)

2018 රාජ්‍ය නත්තල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.
'සමිඳු උපතයි නත්තල් සිරියයි' යන්න මෙවර එහි තේමාවයි.
කැරොල් ගායනා ඇතුලු විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2018 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරඟවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වුණා.