Gossips

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පත්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඔහු අද දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් බවයි.
රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පසුගිය 4 වනදා පත් වූ අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම ජනාධිපතිවරයා විසින් අවලංගු කර ඇති බව රජයේ ආරංචි මාර්ග ඊයේ ප්‍රකාශ කළා.
දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ පී.දිසානායක රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැණුනු අතර අනතුරුවයි අනුරුද්ධ පොල්ගම්පල එම තනතුරට පත් කරනු ලැබුවේ.