Gossips

රාජ්‍ය දැව සංස්ථාවට නව සභාපතිවරයෙක්

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පත්වීම් ලිපිය ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී. දිසානායක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.