Gossips

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට

නිතීපතිවරයාගේ උපදෙස් හා එකගතා ලද වහාම බැඳුම්කර වාර්තාවට අදාල අනෙකුත් සම්පුර්ණ කරන ලද ලේඛණයන් පිලිබද අවශ්‍ය කටයුතු සිදුකරන බව ජනාධිපති ලේකම්වරයා කථානායකවරයාට දැනුම්දී තිබෙනවා.
කථානායක කරු ජයසුරිය අද ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුම්වත් කළා.
එමෙන්ම ,පලාත් සභා, පලාත් පාලන ආයතන ඇතුලූ රාජ්‍ය ආයතන 837ක තොාරතුරු ඇතුළත් රාජ්‍ය ගිණූම් කාරක සභාවේ පලමු වාර්තාව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ වතුකරයේ නිවාස ඉදිරිකිරිම් විධිමත් ලෙස සිදු නොවිම සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න කිරිමේදි සභාව තුළ යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.