Gossips

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය කල් දමයි

රාජ්‍ය සහ පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය කල් දමා තිබෙනවා.
කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට සැළසුම් කර තිබුණා.
කෙසේ වෙතත් ඔවුන් නිවේදනය කළේ සිය වෘත්තිය ක්‍රියාමාර්ගය සහ කොටුව දුම්රියපල ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය රටේ උද්ගතව ඇති තත්ත්වයත් සමඟ කල් දැමීමට තීරණය කළ බවයි.