අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්රමුඛ සියළුම රජයේ ආයතන උත්සව, රැස්වීම් මෙන්ම විවිධ වැඩසටහන් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මතයි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. එමඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම උත්සව සහ වැඩසටහන් පැවැත්වීමේදී සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීමද සම්පූර්ණයෙන් තහනම් බවයි.
එම වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන භාවිත කරන ලෙසටද උපදෙස් ලබාදී තිබෙනවා.
සුඛෝපභෝගී හෝටල්වල රජයේ උත්සව සහ වැඩසටහන් පැවැත්වීම මඟින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ජනාධිපතිවරයා විසින් ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.