තමන්ට පදනම් විරහිත අල්ලස් චෝදනා එල්ලවී තිබියදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් වර්තමානයේ තමන් දේශපාලනය පිළිබඳව කලකිරීමෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
