Gossips

රාජ්‍ය ඇමති රන්ජන් කොකේන් ගැන සොයන කමිටුව හමුවට

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව හමුවේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පෙනී සිටියා .
පාර්ලිමේන්තුවේ කමිටු කාමර හතේදී මෙම කමිටුව රැස්ව තිබෙනවා.
මෙහිදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමර්ශනය කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.