Gossips

රාජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දගෙන් හෙළිදරව්වක්

රාජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දගෙන් හෙළිදරව්වක්
පීඩනයක් ගැන රාජ්‍ය ඇමති ගන්කන්දගෙන් හෙළිදරව්වක්
පක්ෂය තුළින් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමා දැඩි පීඩනයකට ලක්ව සිටි බව එක්සත් ජාතික පක්ෂයේ සිට නව ආණ්ඩුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගත් දුනේෂ් ගන්කන්ද පවසනවා.
පසුගිය 30 වන දා පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ඔහු ඊයේ එම අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කළ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.