Gossips

රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් ප්‍රතිසංවිධානයට විරෝධය

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් එම පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද (27) සිදුවුණා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. මෙහිදී පසුපෙල මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඊයේ අනුමත කළ තනතුරු සහ එම පත් කිරීම් සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා.
මෙහිදී පසුපෙල මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ මතය වී ඇත්තේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳව කිසිසේත් එකඟ විය නොහැකි බවයි.
ඒ අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා.
කෙසේ වෙතත්, අද අවධානයට ලක්වු කරුණු පිළිබඳව මැයි 01 වැනිදා පස්වරුවේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණ ගැසී සාකච්ඡා කිරීමටයි අවසන් වශයෙන් එකඟ වී ඇත්තේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට විරෝධය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අද ප්‍රකාශ කළා.
විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොරොන්දු වූ ප්‍රතිසංවිධාන සිදුවී නොමැති බවයි.