Gossips

රාජ්‍ය ආයතන 8කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පහසුවෙන් රාජ්‍ය ආයතන වෙත ප්‍රවේශවීම සඳහා කඩිනමින් පහසුකම් සලසන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද අමාත්‍යාංශ 6ක් ඇතුළු රාජ්‍ය ආයතන 8කට නියෝග කළා.
ආබාධ තත්ත්වයකින් පසුවන ආචාර්ය අජිත් පෙරේරා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනුයි ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.
ඒ අනුව සමාජ සේවා සහ සුබසාධන, නිවාස හා ඉදිකිරීම්, අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන යන අමාත්‍යාංශවලට මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 8කට මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
අදාළ නියෝගය කඩ කරන ආයතනවලට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
එසේම පෙත්සම්කරුට නඩු ගාස්තු ලෙස රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙස මෙහිදී රජයට නියෝග කළා.