Gossips

රාජ්‍ය ආයතන 19ක් අනිද්දා වර්ජනයේ

රාජ්‍ය ආයතන 19 ක විධායක නිළධාරින් අනිද්දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, නීති ක්ෂේත්‍රයේ පමණක් සිදුකළ සියයට 300 වැටුප් වැඩි කිරීමෙන්, රාජ්‍ය සේවයේ ඇති වී ඇති වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින්.
ඒ පිළිබදව කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දක්වන දීපව්‍යාප්ත සේවා විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති නිමල් කරුණාසිරි.
එමෙන්ම, තෝරාගත් සේවා කිහිපයක දීමනා හා වැටුප් ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය අද අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වුණා.
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වූයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීවයි.
මේ අතර, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.
එම මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අද මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා.
වර්ජනයට රුධිර පරිත්‍යාගශීලින්ගේ සහලේ දන්දිමේ කඳවුරු සංවිධායකයින්ගේ සැදුම්ලත් ජාතික රුධිර බලකායද සහය දක්වු අතර, ඒ හේතුවෙන් ලේ දන්දීමේ කටයුතුවලට බාධා එල්ල වුණා.
මේ අතර, වෛද්‍යවරුන්ට අදාළ නොවිසදුණු ගැටළු ගණනාවකට විරෝධය පළකරමින් ලබන 17 වනදා දිපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරිමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.