Gossips

රාජ්‍ය ආයතනවල දූෂණ සොයන ජනපති කොමිසමට සී.අයි.ඩී. කණ්ඩායමක්

2015 ජනවාරි මස 15 වනදා සිට 2018 ජනවාරි 31 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට නියමිතයි.
එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට පොලිස්පතිවරයා විසින් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවයි.
මෙම කොමිසමට මේ වනවිට පැමිණිලි 101 ක් ලැබී තිබෙනවා.