Gossips

රාජ්‍ය ආදායම් සියයට 8 කින් ඉහළට

මෙරට රාජ්‍ය ආදායම් පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 469.1 ක් ලෙස සියයට 8 කින් වර්ධනය වී තිබෙනවා.
කෙසේ නමුත් මෙහිදී බදු ආදායම් වර්ධනය වී ඇත්තේ සියයට 2 කින් පමණයි.
බදු නොවන ආදායම් මෙම කාලය තුළ දෙගුණයකින් ඉහළ යාමද විශේෂත්වයක්.
පසුගිය වසරේ දෙසැම්බරයේදී ඉන්ධන මිල අඩුකිරීමත් සමඟ රජයේ ප්‍රධාන ආදායම් අඩුවීමක් දක්නට ලැබුණු අතර, එම මිල නිවැරදි කිරීමත් සමඟ යළි ආදායම් ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබෙනවා.
ඉන්ධන මිල සූත්‍රය යටතේ මාසිකව රුපියල් බිලියන 5 ක අමතර ආදායමක් රජය අපේක්ෂා කරන බව සඳහන්.