Gossips

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක ?

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව දේශපාන ආරංචි මාර්ග පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා ලබන 26 වනදා ආණ්ඩුවෙන් ඉවත් වන බවටයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාලිත රංගේ බණ්ඩාර පසුගියදා එම පක්ෂයේ මහලේකම්වරයා වෙත භාර දුන්නා.
කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
මීට අමතරව ජාතික ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන තවත් අමාත්‍යවරුන් 26 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ සුදානමක් පවතින බවද දේශපාන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරනවා.
මේ දිනවල එම අමාත්‍යවරුන් ඒ සඳහා ඔවුන්ගේ කේන්දර පරික්ෂා කරමින් සිටින බව ප්‍රවීන ජෝතිර්වේදියෙකු අප සමඟ ප්‍රකාශ කළා.
මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (25) පෙරවරුවේ සිදුවන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මීට පෙර වාර්තා පළ වුණේ එය ඊයේ (23) දිනයේ සිදුවන බවටයි.
මෙය වත්මන් ආණ්ඩුවේ දෙවන ඇමති මණ්ඩල සංශෝධනය ලෙසයි සැලකෙන්නේ.
ඒ පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, ප්‍රධාන පක්ෂ දෙකට හිමි කැබිනට් අමාත්‍ය ධුර වල වෙනසක් සිදුනොවනු ඇති බව ද වාර්තා වනවා.