Gossips

රාජස්ථානයේ දූවිලි කුණාටුවකින් මියගිය සංඛ්‍යාව 95 ක් දක්වා ඉහළට

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය හරහා හමාගිය දුවිලි කුණාටුවකින් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හාල්පර් – බරත්පූර් සහ තෙල්පූර් ප්‍රදේශවලදී දූවිලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 31 ක් වන අතර උත්තර් ප්‍රදේශයේ පුද්ගලයින් 64 ක් මේ හේතුවෙන් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
දූවිලි කුණාටුව හේතුවෙන් රාජස්ථාන් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 3 ක විදුලි සැපයුමද ඇණහිට ඇති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් වාර කිහිපයක්ද අත්හිටුවා තිබෙනවා.
ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට මේ වනවිට දැඩි වියලි කාලගුණ තත්ත්වයක් පවතින අතර දූවිලි කුණාටුව හමා ගිය රාජස්ථාන් ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45.4ක් ලෙස වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය තවදුරටත් සඳහන් කළේ.