Gossips

රාජකාරි කරමින් කොල්ලකෑම් කළ හිටපු කොස්තාපල්ට මාංචු

රාජකාරියේ නිරතව සිටින කාලයේ කොල්ලකෑම් කීපයක් සිදු කළ බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට
ගෙන තිබෙනවා.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සේවය අතහැර ගියා සේ සලකා ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මාදම්පේ – නාන්කඩවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අවසන්වරට ජා ඇල පොලීසියේ සේවය කරමින් සිට තිබෙනවා.
පසුගිය වසරේ ජූනි මාසයේදී හලාවත – කොළඹ මාර්ගයේ පම්බල ප්‍රදේශයේදී යතුරු පැදිකරුවෙකු නවතා ඔහු සතුව තිබූ රුපියල් 6000 ක මුදලක්
කොල්ලකා,එම පුද්ගලයාගේ බැංකු කාඩ් පතින් රුපියල් 5000 ක මුදලක් වංචනික ලෙස ලබා ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.
එම වසරේම නොවැම්බර් මාසයේදී මාදම්පේ – පනිරෙන්දාව මාර්ගයේ සෙම්බුකට්ටියේදී යතුරු පැදිකරුවෙකු සතුව තිබූ රුපියල් 60,000 ක මුදලක්
කොල්ලකා ඇති බවටද සැකකරුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බවයි මාදම්පේ පොලීසිය සඳහන් කළේ.
මෙම පැමිණිළි ලැබීමෙන් පසුව සැකකරු රාජකාරියට යාමෙන් වැළකී ඇති අතර ඔහු පදිංචි ප්‍රදේශයෙන්ද පලා ගොස් සැගවී සිට තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කළ මාදම්පේ පොලීසිය ඊයේ 14 ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.