ඔස්ටි‍්‍රයාවේ තානාපතිනිය ලෙස කටයුතු කළ ප්‍රියානි විජේසේකර ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පස්දෙනෙකු නැවත මෙරටට කැදවා තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කළේ රාජකාරි පැහැර හැරීමේ චෝදනා මත මොවුන් සේවා කාලය නිමවීමට පෙර මෙරටට කැදවීමට තීරණය කළ බවයි.
හිටපු පාර්ලිමේන්තු මහ ලේකම්වරියක වන ප්‍රියානි විජේසේකර ඔස්ටි‍්‍රයාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කරනු ලැබුවේ 2015 වසරේ නොවැම්බර් මාසයේදියි.
පසුගිය දිනක රාජකාරි අවශ්‍යතාවක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔස්ටි‍්‍රයානු තානාපතිවරිය සම්බන්ධ කරගැනීමට දැඩි උත්සහයක් ගෙන තිබෙනවා.
නමුත් එහිදී තානාපතිවරිය හෝ එම කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු පැය ගණනාවක් යනතුරු සම්බන්ධ කරගැනීමට නොහැකිවූ බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ සේවා දිගු මත ඔස්ටි‍්‍රයානු තානාපති කාර්යාලයේ රැඳී සිටි තානාපතිවරිය ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකුගේ සේවය අවසන් කර යළි මෙරටට කැඳවා ඇති බවයි.
