Gossips

රාජකාරියට බාධා කළ මැර බලය

මීගමුව මඤ්ඤොක්කාහේන ප්‍රදේශයේ සුසාන භුමියේ රථගාල භාවිතා කරමින් පවත්වාගෙන ගිය ගොඩනැගිලි ද්‍රව්‍ය වෙඳෙසැල් හිමියෙකු සහ නගර සභා සේවයකයින් පිරිසක් අතර උණුසුම් කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒල අදාළ ප්‍රදේශයේ අවහිරව තිබූ කානු පද්ධතිය සැකසීමට නගර සභා සේවකයින් සූදානම් වූ අවස්ථාවේදීයි.
එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය දේශපාලනඥයෙක්ට අයත් මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැළ ප්‍රදේශයේ පොදු සුසාන භූමියේ රථ ගාල තම වැලි ගොඩ බෑම සඳහා භාවිතා කර තිබෙනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ කානු පද්ධතිය අවහිරව තිබුණා.
ඊයේ පෙරවරුවේ මෙම කානු පද්ධතිය සැකසීමට ගිය අවස්ථාවේදී මීගමුව නගර සභාවේ සේවකයින් පිරිසක් සහ අදාළ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැල් හිමියා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
වෙළෙඳ සැල් හිමියා සහ ඔහුගේ ඥාතීන් මෙහිදී සේවකයින්ට තර්ජණය කර තිබෙනවා.
මෙම අවස්ථාවේදී මීගමුව මහ නගර සභාවට අයත් බැකෝ යන්ත්‍රයකට පහරදුන් අදාළ වෙළෙඳ සැල් හිමියාගේ ඥාතියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.