Gossips

රාගල, ගල් ගුහාවක පුද්ගල මළ සිරුරු දෙකක් (ඡායාරූප)

රාගල – සෙන්ලෙනාඩ් උඩ කොටසේ ඝන කැළෑවක පිහිටි ගල් ගුහාවක් තුළ තිබී සැක කටයුතු ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
මිය ගිය දෙදෙනා 29 සහ 31 යන වයස්වල පසුවන රාගල සහ මැදවත්ත – හල්ග්‍රන්ඔය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
මොවුන් ඊයේ සතුන් දඩයම් කිරීම සඳහා නිවෙස්වලින් බැහැරව ගොස් ඇති අතර ඔවුන් සමඟ ගිය සුනඛයෙකුගේ සිරුරක් ද එම ගල් ගුහාවේ තිබී සොයාගෙන තිබෙනවා.
මිය ගිය පුද්ගලයින් ඉත්තෑවන් දඩයම් කිරීම සඳහා ගල් ගුහාව තුළට ඇතුළුවීමෙන් පසු මෙම මරණ සිදුව ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ / නුවරඑළිය, චන්දන සිල්වා