රාගම කැන්දලියද්ද පාළුව,ගනේමුල්ල ප්‍රදේශයේ රථවාහන තෙල් අලවි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (12) රාත්‍රී 10.50 ට පමණ හටගත් ගින්න පොලිසිය,ප්‍රදේශවාසීන් සහ ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා තිබෙනවා.
ගින්න හේතුවෙන් ජිවිත හානි සහ තුවාල කිසිවක් සිදුව නොමැති බවයි රාගම පොලිසිය පැවසුවේ.
සිදුව ඇති දේපල හානිය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැති සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
