රාගම දුම්රිය හරස් මාර්ගය අසළ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ කාන්තාව පදවන ලද යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී ඊයේ මෙලෙස රාජකාරියට බාධා එල්ල කර තිබුණා.
වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවූයේ 31 හැවිරිදි වැලිසර ප්‍රදේශයේ පදිංචි එම කාන්තාවට රියදුරු බලපත්‍රයක් නොමැති බවයි.
යතුරුපැදියද ලියාපදිංචි කර නොමැති බවටද අනාවරණ වී තිබෙනවා. සැකකාරිය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
