රාගම ගාමිණී මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු
මියගොස් තිබෙනවා.
ඊයේ සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ 46 හැවිරිදි මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
අනතුර සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
