මාතර – මඩිහේ ප්‍රදේශයේ මුහුදේ රළ මත ලිස්සායාමේ ක්‍රීඩාවේ යෙදී සිටි එංගලන්ත ජාතිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ජෝන් ලිවින්ග් නැමති පුද්ගලයෙක්.
එම විදේශිකයා වැලිගම – මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර, මාතර – මඩිහේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදීම සඳහායි.
ඔහු ඒ අසළ සිටි පිරිසක් විසින් බේරාගෙන ඇති අතර, මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
