මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ – 07 – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණීමට නියමිතයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුගේ නිල නිවසට යාමට නියමිත බව සදහන්.
කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ කථානායක කරූ ජයසූරිය ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබුණා.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී පසුව මුදා හැර තිබුණේ 2008 වසරේ මැයි මස 22 වන දායි.