Gossips

රහස් පනතක් ගැන හෙළිදරව්වක්

1980 අංක 31 දරන ස්වෙච්ඡා සමාජ සේවා පනත සංශෝධනය කර දැනට තිබෙන ස්වෙච්ඡා සංවිධානවල නිදහස නැති කිරීමේ සූදානමක් පවතින බවට ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය චෝදනා කරනවා.
එම සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී.ආරියරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ යටතේ ගමේ මරණාධාර සමිති, අන්‍යෝන්‍යාධාර සමිති ආදී සංගම් ද රජය යටතට පවරා ගැනෙනු ඇති බවයි.