Gossips

රසායනික අවි ප්‍රහාර එල්ලවූ ඩූමා නගරයට ඇතුලූවීමට පරීක්ෂකයින්ට අවසර

සිරියානු රජයේ හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට පැවසෙන ඩූමා ප්‍රදේශයට ජාත්‍යන්තර රසායන අවි පිටුදැකීමේ සංවිධාන නියෝජිතයින්ට හෙට දිනයේ ඇතුලූවීමට අවසර ලබාදෙන බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය සතියේ සිට අදාළ රසායන අවි පරීක්ෂක නියෝජිතවරුන් එරට රැඳී සිටියද ඔවුන්ට ප්‍රහාරය එල්ලවූ ඩූමා ප්‍රදේශයට ඇතුලූවීමට අවසර හිමිවුණේ නැහැ.
ඩූමා ප්‍රදේශයේ රසායනික අවි ප්‍රහාරයක සලකුණු රුසියාව විසින් විනාශ කරනු ඇති බවට බටහිර රටවල් එල්ල කරන චෝදනාව ද රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළා.