Gossips

රසල්ගේ පන්දු 25 ඉනිම අපතේ දමමින් කෝලිගේ පිළ දෙවන ජය ලබයි

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය තුල පරාජයේ රැල්ලට හසුව තිබෙන විරාට් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සිය දෙවන ජයග්‍රහණය වාර්තා කරන්නට ඊයේ සමත් වුණා.
ඒ තියුණු සටනකින් අනතුරුව ඊයේ පැවති තරඟයේදී ඔවුගේ ප්‍රතිවාදීන් වූ කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායම ලකුණු 10කින් පරාජය කරමින්.
බැංගලෝර් කණ්ඩායම මේ වනවිට තරඟ 09කට සහභාගී වී ජයග්‍රහණයකර ඇත්තේ තරඟ 02ක් පමණයි.
ඊයේ තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 213ක්.
එහිදී විරාට් කෝලි පන්දු 58කදී වේගවත් ශතකයක් රැස් කළේ හයේ පහර 04ක් සහ හතරේ පහර 09ක් සමඟින්.
මොයින් අලී රැස්කළ ලකුණු සංඛ්‍යාව 66ක්.
පන්දු 120ක් තුල ලකුණු 214ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොල්කටා ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 203ක් පමණයි.
කොල්කටා ඉනිමේ මුල්පෙළ කඩුලු 04ක් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට බැංගලෝර් පන්දු යවන්නන් සමත් වුවද ඉන් පසුව පිටියට එක්වූ නිතිෂ් රනා සහ ඇන්ඩි රසල් බැංගලෝර් ජයග්‍රහණය පමා කළේ පස්වන කඩුල්ලට සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගමින්.
එහිදී නිතිෂ් රනා නොදැවී ලකුණු 85ක් රැස්කළ අතර අවසානය වනතෙක් සටන අත්නොහළ ඇන්ඩි රසල් පන්දු 25කදී වේගවත් ලකුණු 65ක් රැස් කළා.
කෙසේ වෙතත් ඔවුන්ගේ එම ඉනිම් කොල්කටා ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවූ අතර ඒ අනුව කොල්කටා ලකුණු පුවරුව නියමිත පන්දුවාර 20 තුල ලකුණු 203කට සීමාකරනට බැංගලෝර් පන්දු යවන්නන් සමත් වුණා.
ඒ අනුව බැංගලෝර් පිළට ලකුණු 10ක ජයග්‍රහණයක් හිමි වුණා.
rnrnrnrnrnrn