Gossips

රසකැවිලි නිෂ්පාදනවලටත් සීනි බද්ද

ඉදිරියේදී සියලූම රස කැවිලි නිෂ්පාදන සදහා සීනි බද්ද අය කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
කොළඹ ඊයේ පැවති සමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ බිස්කට් නිෂ්පාදනය කරන සමාගම් වලින් ද අදාළ බදු අය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
පැණි බීම වර්ගවල අතිරේක සීනි ප්‍රතිශතය සඳහා ද බද්දක් අයකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර පියවර ගත්තා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය ලෙස සැළකෙන්නේ පැණි බීම මිලිලීටර 100ක පැවතිය හැකි උපරිම සීනි ප්‍රමාණය ග්‍රෑම් 6 ක් ලෙස සදහන් වීම එලෙස බදු අය කිරීමට හේතුව බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.